උපන් ගම ඔහුගේ නාමයට එකතු කර ගත් ඔහු ගම ගැන ඔහු සිතන්නේ ඉතා ආඬමබරයෙනි.එදා රම්බඬ ඇල්ල කඳු වැටියේ සිට පහළට ගලා බසින කොත්මලේ ඔය මායිම් කොට ඊට දෙපැත්තේ පිහිටා ඇති මනහර වෙල් යායක් කෙලවර දක්වා විහිදී ගියසොඳුරු ගම්මානය එදා ඔහුගේ ළමා සිතද කුල්මත් කරවන සුළු ප්‍රිය දසුනක් බවට පත් විය. 1961 වසරේදී එනම් වයස අවුරුදු 14දී පත්තරයට කවියක් ලියා රුපියල් දහයක තෑග්ගක් දිනූ හෙතෙම එදා කවියට මාත්‍රා කර ගනුලැබුවේද ස්වකීය හදබැදි ගම්මානයම වේ
ජෝතිෂ්‍ය යනු කුමක්දැයි සොය සොයා පොත් වෙළඳුන් අතර තිබුණු විවිධ පොත පත ගෙන පරිහරණය කළ හෙතෙම ඒ සෑම දෙයක්ම තම සිතේ ගබඩා කොට ගෙන සිය වෘත්තීය නිපුණත්වය කරා වසර 20 කටත් වැඩි කාලයක් සෙමෙන් සෙමෙන් ගමන් කළේය. ජෝතිෂයත් – සෙත් කවි – වාස්තු විද්‍යාව හා බුද්ධ මන්ත්‍ර ක්‍රමවේද පිළිබඳවත් පුළුල් විෂය ධාරාවක් ආවරණය කරනු ලබන කොත්මලේ සෙනෙවිරත්නයන් 1980 ගණන් වල පටන් බොහෝ දුරට පුවත් පත් මාධ්‍යයෙන් විශේෂ සමාජ මෙහෙවරක නිරත වීමට පටන් ගත්තේය.
The post Iranama Lanka appeared first on Manaali.com | The Wedding,Bridal Services Portal, Sri Lanka.